සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් Featured

    දෙසැම්බර් 31, 2014

    අද (31) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට කොළඹට ගාල්ලට යාපනයට රත්නපුරයට නුවරඑළියට මහනුවරට වරින්වර වැසි ඇති වේ.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරමට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C කොළඹ සහ ගාල්ලෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    4.2ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 3.4ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද වාර්තා වී තිබේ. අනෙකුත් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.7°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 30.0ක උපරිම වර්ෂාපතනය කටුනායක ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya