සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් 660ක් පොලිසියේ අත්අඩංගුවට

    දෙසැම්බර් 30, 2014
    විශේෂ මෙහෙයුමක් මඟින් උත්සව සමයේ මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් 660 දෙනෙකු පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
     
    පසුගිය බදාදා (24) සිට ඊයේ (29) දක්වා පොලීසිය මඟින් මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 335 දෙනෙකු යතුරු පැදි රියදුරන් ද 227 දෙනෙකු ත්‍රීරෝද රථ රියදුරන් ද 43 දෙනෙකු මෝටර් රථ රියදුරන් ද 20 දෙනෙකු ලොරි රථ රියදුරන් ද තවත් 20 දෙනෙකු වෑන් රථ රියදුරන් ද වන අතර 5 දෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරෝ ද වෙති.
     
     
    මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් අත්අඩංගුවට ගැනීමට පසුගිය බදාදා (24) ඇරඹුණු මෙම විශේෂ මෙහෙයුම  2015 ජනවාරි 05 දක්වා ක්‍රියාත්මක කෙරේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya