සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු අද සිට Featured

    දෙසැම්බර් 30, 2014
    මෙරට මැතිවරණ නිරීක්ෂකයන්ගේ පැෆ්රල් සංවිධානයේ (People's Action for Free and Fair Elections -PAFFREL) ආරාධනයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයන් 36 දෙනෙකු එළඹෙන ජනවාරි 08 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
     
    මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයන් ආසියානු මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ (Asian Elections Monitoring Organization) සාමාජිකයන් වන අතර ලොව පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලින් අත්දැකීම්ලත් කණ්ඩායමක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
     
    පැෆ්රල් සංවිධානයේ මෙහෙයවීමෙන් ඊයේ (29) පැවති විශේෂ පුහුණු වැඩසටහනකට ද මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයෝ සහභාගී වූහ.
     
    අද (30) සිට ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙන බව ද පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි.
     
    SDF
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya