සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ රණ විරුවන්ගේ දූ පුතුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම

    දෙසැම්බර් 29, 2014
    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ දූ පුතුන් 646 දෙනෙකු සඳහා නව ලැප්ටොප් පරිගනක 18ක් ද ඇතුළුව රුපියල් මිලියන 12ක වටිනාකමකින් යුත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංඟ ශාලාවේදී පැවැත්විණි.
     
    වාර්ෂිකව පවත්නු ලබන මෙම උත්සවයට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය. 
     
    මෙහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ මෙන්ම සරසවි වරම් ලැබූ දු පුතුන් 646 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ සරසවි වරම් ලැබූ සිසුන් 18 දෙනෙකු සඳහා පරිගනක 18ක් ද ප්‍රදානය කෙරිණි
     
    මෙහි දී ලොතරැයි දිනුම් ඇදීමකින් උපයාගත් රුපියල් මිලියන 4ක වටිනාකමකින් යුත් වවුචරයක් යුද හමුදාපති වෙතත්, රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වවුචරයක් අයෝමා රාජපක්ෂ මහත්මිය වෙතත් සෙබළුන්ගේ සුබසාධනය වෙනුවෙන් ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල මහතා විසින් ලබාදෙන ලදී.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්.ඩී.එල්.පී. වික්‍රමසිංහ, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, අනුග්‍රාහකයෝ මෙන්ම ශිෂ්‍යත්වලාභීහු ද මීට එක්ව සිටියහ.
     
    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya