සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු භාරදීමේ අවස්ථාව අදත්

    දෙසැම්බර් 29, 2014
    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තැපැල් ඡන්ද පත‍්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු භාරදීමට නොහැකිවූ සහතික කිරීමේ නිලධාරීන්ට ඒවා අද (29) දිනයේ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදිය හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    2015 ජනාධිපතිවරණට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම 23 සහ 24 යන දෙ දින තුළ සිදු කෙරුණි. මීට අමතර ව මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අනුමැතිය යටතේ පොලිස් නිලධාරීන්ට පසුගිය 26දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබුණි. 
     
    මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට හෙට (30)  දිනයේ ද දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණ තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya