සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපදා නිසා දිවයිනේ 1109606ක් ආපදාවට - සහන සැලසීමට මිලියන 500ක් Featured

    දෙසැම්බර් 29, 2014

    දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් ද නායයෑම්, ඉවුරු කඩාවැටීම්, දැඩි වර්ෂාව නිසා ද අද (29) උදෑසන 9.00 වනවිට පවුල් 308770ක සාමාජික සාමාජිකාවන් 1109606 දෙනෙකු ආපදාවලට ලක් ව ඇතැයි වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මැතිවරණ ප්‍රචාරක කටයුතු පසෙකලා සහන කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙන මෙන් විපතට පත් දිස්ත්‍රික්කවල සියලු දේශපාලකයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කර ඇති අතර විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා රජයෙන් රුපියල් මිලියන 500ක මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට වෙන්කර දී තිබේ.

     

    දකුණු, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු, මධ්‍යම, වයඹ, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වන අතර ජීවිත හානි 30ක් ද තුවාලකරුවන් 20ක් හා අතුරුදහන් වූවන් 6ක් ද වාර්තා වේ.

     

    නිවාස 4742ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 15237කට අර්ධ හානි සිදු ව තිබේ. අද උදෑසන 9.00 වනවිට ආරක්ෂිත ස්ථාන 636ක පවුල් 33346ක 116190 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.
     
    ජලයෙන් යටවීම නිසා නිවාසවලින් ඉවත්කළ ජනතාවට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya