සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලික හැඳුනුම්පත් ලබාදීම හා ඡන්ද පත්‍රිකා බෙදීමේ කාලය දීර්ඝ කෙරේ

    දෙසැම්බර් 29, 2014
    දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට හා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට බාධා ඇති වී ඇති බැවින් ඒ සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කොට ඇත.
     
    ඒ අනුව තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 03දා දක්වා ද, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ජනවාරි 04දා දක්වා ද දීර්ඝ කෙරේ.
     
    ජනාධිපතිධූර අපේක්ෂකයන්, එම දේශපාලන පක්ෂ ලේකම්වරුන්, මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ නිත්‍ය නියෝජිතයන් හා පිළිගත් දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක දී මෙම තීරණයන්ට එළැඹ ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya