සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට ලක්වූවන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමට කිසිදු මූල්‍යමය බාධාවක් නැහැ

    දෙසැම්බර් 29, 2014
    ආපදාවට ලක්වූ ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා කිසිදු මූල්‍යමය බාධාවක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) පෙරවරුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
     
    "මේ ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු සියලු පහසුකම් සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ඇති වෙන්න මුදල් තියෙනවා. ඒ කටයුතු සඳහා පෙරේදා රුපියල් මිලියන 500ක මුදලක් ලැබුණා" යැයි ද ඒ මහතා පැවසීය.
     
    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා අය-වැයෙන් දැනට වෙන් කර ඇති මුදල්වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට එකඟතාව මේ වන විට පළ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya