සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, නැගෙනහිර සහ ගිනිකොන මුහුදු ප්‍රදේශවල වැසි

    දෙසැම්බර් 29, 2014

    අද (29) දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු, නැගෙනහිර, සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල, නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින් උතුරු දෙසට ගමන් කරමින් පවතී.


    සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 40-50ක් පමණ වේ. මන්නාරම, කන්කසන්තුරේ, සහ ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.


    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya