සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැම්බර් මාසයේ විදුලි වංචා 317ක් නීතිය හමුවට

    දෙසැම්බර් 28, 2014

    ලංකා විදුලිබල මණ්ඩලයීය හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ නොවැම්බර් මස දීපව්‍යාප්තව සිදුකරන ලද වැටලීම් තුළින් රු. 23,515,370.14ක (ලක්ෂ 235) වැටලීම් ආදායමක් ලබා ඇති අතර එම මුදලින් රු. 2,355,000.00 (ලක්ෂ 23)ක් උසාවි දඩ වශයෙන්ද, රු.21,160,370.41 (ලක්ෂ 211)ක් විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙස ද ගණන් බලා ඇත.


    ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතාකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබද සිද්ධීන් 317ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 237 ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 80 කොකු යොදා  විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.


    මෙලෙස විදුලි මීටර් වෙනස් කිරීම්, කොකු භාවිත කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවේ. මේ හේතුවෙන් වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට සහයෝගය දක්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවැනි වංචාකාරි විදුලි පරිහරණයන් පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කළ හැකිය.


    මෙසේ නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්වන්නන්ට පමුණුවනු ලබන මූල්‍යමය සහ අනෙකුත් දඬුවම්වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමටද ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya