සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපදා නිසා දිවයිනේ 1016749ක් ආපදාවට ලක් වෙති

    දෙසැම්බර් 28, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් ද නායයෑම්, ඉවුරු කඩාවැටීම්, දැඩි වර්ෂාව නිසා ද පවුල් 281,767ක සාමාජික සාමාජිකාවන් 1016749 දෙනෙකු ආපදාවලට ලක් ව ඇතැයි අද (28) මධ්‍යහන 12.00 වනවිට වාර්තා වන අතර ඉන් බහුතරයක් වන 828,212ක් ම නැඟෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මැතිවරණ ප්‍රචාරක කටයුතු පසෙකලා සහන කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙන මෙන් විපතට පත් දිස්ත්‍රික්කවල සියලු දේශපාලකයන්ගෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලීමක් කරයි. ජලගැලීම්වලින් විපතට පත් ගොවින් සඳහා බීජ වී සහ අනෙකුත් අවශ්‍ය සැපයුම් ලබා දෙන මෙන් ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

     

    දකුණු, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු, මධ්‍යම, වයඹ, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වන අතර ජීවිත හානි 24ක් ද තුවාලකරුවන් 16ක් හා අතුරුදහන් වූවන් 8ක් ද වාර්තා වේ.

     

    නිවාස 4593ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 14649කට අර්ධ හානි සිදු ව තිබේ. අද මධ්‍යහන 12.00 වනවිට ආරක්ෂිත ස්ථාන 568ක පවුල් 31188ක 106788 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.
     
    ජලයෙන් යටවීම නිසා නිවාසවලින් ඉවත්කළ ජනතාව ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya