සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය රක්ෂණ ආවරණය ඉහළ නංවයි

    දෙසැම්බර් 28, 2014

    2015 අයවැය මගින් නිවේදනය කරන ලද සියයට පනහකින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය එක් ආයතනයක එක් තැන්පතුහිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි රු. 200,000/- සිට රු. 300,000/- දක්වා වැඩි කරනු ඇත.

    සංශෝධිත රක්ෂණ ආවරණයට අදාළ රෙගුලාසි ‘‘2014 අංක 1 දරන ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය පිළිබඳ රෙගුලාසි’’ යන හැඳින්වීම යටතේ 2014 දෙසැම්බර් 02 දරන අංක 1891/11 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රසිද්ධ කර ඇත.


    ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය 2010 ඔක්තෝබර් මස පිහිටුවන ලද්දේ රටේ සමස්ත මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාව උදෙසා වන අතර, එමගින් මූල්‍ය ආයතන අසාර්ථකවීම් තුළින් අගතියට පත්වන තැන්පතුහිමියන් ආරක්ෂා කිරීමත්, තැන්පතුහිමියන්ගේ විශ්වාසය රඳවා ගැනීම හරහා මූල්‍ය ආයතනවල ස්ථායීතාව ප‍්‍රවර්ධනය කිරීමත් සිදුවේ. මෙය පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිදු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya