සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හා සුළං

    දෙසැම්බර් 28, 2014

    අද (28) දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව පවතින අඩු පීඩන තත්ත්වයක් තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරමින් උතුරු දෙසට ගමන් කරමින් පවතී.


    සුළං ඊසාන දෙසින් හමන සුළං වේගය පැ.කි.මී. 40-50ක් පමණ වේ. මන්නාරම, කන්කසන්තුරේ, මඩකළපුව සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.


    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya