සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයේ බලපෑම තවදුරටත්

    දෙසැම්බර් 28, 2014

    පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින් උතුරු දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (28) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව කෙසේ වෙතත් පවතින පද්ධතියේ බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ  මධ්‍යම සහ ඌව පළාත්වලට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැක.


    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට පැ.කි.මී. 40-50 පමණ දක්වා තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යා හැකිය.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹට ගාල්ලට රත්නපුරයට වැසි වාර කිහිපයක් සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    මහනුවරට නුවරඑළියට විටින් විට වැසි වාර කිහිපයක් සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.0°C කොළඹ හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 69.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 74.1ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 20.3ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 43.9ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 14.0ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 30.2ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 45.3ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 72.1ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.2°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 117.5ක උපරිම වර්ෂාපතනය මඩකළපුව පාසිකුඩා වත්ත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya