සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ පීඩන අවපාතයක් හම්බන්තොටට කි.මී. 400ක් ඈතින් Featured

    දෙසැම්බර් 27, 2014

    වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා නැවත වර්ධනය වී හම්බන්තොට වෙරළ තීරයට කි.මී. 400ක් පමණ ඈතින් ස්ථානගතව පවතින අතර එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු  දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (27) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත් පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.


    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින්විට පැ.කි.මී. 60-80 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකිය.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි ඇති වේ.

    කොළඹට ගාල්ලට රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.0°C කොළඹ, ගාල්ල හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 3.1ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 96.3ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 2.2ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 2.7ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 1.8ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 16.7ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මත්තලින් ද වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.8°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C නුවරඑළියෙන් ද මි.මී. 275.8ක උපරිම වර්ෂාපතනය පොතුවිල් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    SE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya