සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

    දෙසැම්බර් 27, 2014
    උත්සව සමයට සමගාමී ව බීමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිස්
    මූලස්ථානය කටයුතු යොදා ඇත.

     

    ඒ අනුව මෙම වැඩසටහන පසුගිය 24දා උදෑසන 6.00 සිට ජනවාරි 05දා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වේ.

     
    බීමත් රියැදුරන් හඳුනාගැනීමට අවශය පහසුකම් ද පොලිස් ස්ථාන වෙත සපයා ඇත. 
     
    මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගන්නා රියැදුරන් හට දඩකොළ ලබාදීමකින් තොර ව ඍජුව ම අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. මෙහිදී මගී බස් රථ රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දී ධාවනය කරනු ලබන්නේ අයිතිකරු නොවුණ හොත් බීමත් රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අමතර ව බීමත් රියැදුරෙකුට වාහනයක් ලබාදීමට එරෙහි ව අයිතිකරුට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කෙරේ. මීට අමතර ව එසේ අධිකරණය වෙත ඉදිරිපත් කරන රියැදුරන්ට අමතර ව සියලු ම රථවාහන ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.
     
    පසුගිය වසරේ දෙසැම්බර් 20 සිට 2014 ජනවාරි 15 දක්වා වූ කාලයේ දී රිය අනතුරු හේතුවෙන් 191දෙනෙකු මියයාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya