සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ජාතික ආරක්ෂිත දිනය’ අද Featured

    දෙසැම්බර් 26, 2014

    වසර 10කට පෙර එනම් 2004 වසරේ දෙසැම්බර් 26දා ඇති වූ සුනාමි ව්‍යසනයේ මියගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් 2006 වසරේ සිට අඛණ්ඩව සමරන ‘ජාතික ආරක්ෂිත දිනය’ අද (26) සමරනු ලබයි.

    බිහිසුණු සුනාමි විපත සිදුවී අදට දස වසරක්‌ ගතවේ. 2004 දී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදුවූ ප්‍රබල භූකම්පාවක්‌ හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ඉන්දීය සාගරයේ වෙරළාසන්න රටවල් රැසකට මහත් ව්‍යසනයක්‌ ඇති කළේය. සුනාමියෙන් ශ්‍රී ලංකා වාසීහු 30196 කට අධික පිරිසක්‌ මියගිය බවට තහවුරු විය.

     

    2004 වසරේ දෙසැම්බර් 26දා ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් අද පෙරවරු  9.25 සිට 9.27 දක්වා නිශ්ශබ්දතාවක් සුරැකීම ද සිදු කරනු ලැබීය.

     

    ආපදා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම, ආපදා වැළැක්වීම, අවම කිරීම හා පූර්ව සූදානම කෙරෙහි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම හා විශේෂයෙන්ම 2004 වසරේ දෙසැම්බර් 26 දා ඇති වූ සුනාමි වැනි ව්‍යසනයට නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් වන මෙම දිනය ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් 2006 වසරේ දී නිර්මාණය කරන ලදී.

    'ජාතික ආරක්ෂිත දිනය' වශයෙන් නම් කර මෙතෙක් ක්‍රියාත්මක වූ දෙසැම්බර් 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' වශයෙන් ද නම් කර ඇත.

     

    මෙවර ආරක්ෂිත දින තේමාව “සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා ආපදා මුලිනුපුටා දැමීමට එක් වෙමු“ යන්නයි.


    මෙදින රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සහය ඇති ව දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya