සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල පැ.කි.මී. 80 දක්වා තද සුළං

    දෙසැම්බර් 26, 2014

    අද (26) දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරයට ආසන්නව ස්ථානගතව පවතී. එය දිවයිනට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පද්ධතිය එසේ තවදුරටත් ගමන් කළහොත් පවතින වැසි තත්වය අඩුවන නමුත් පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමේදී තවදුරටත් වර්ධනය වන බැවින් සුළං තත්වය තව දින කීපයක් පවතිනු ඇත.


    සුළං ඊසාන දෙසින් හමන සුළං වේගය පැ.කි.මී. 50-60ක් පමණ වේ. පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු වේ.


    SE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya