සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් දිවයිනේ බොහෝ පළාත්වලට ඉතා තද වැසි Featured

    දෙසැම්බර් 26, 2014

    වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරයට ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එය දිවයිනට ඉතා ආසන්නව ගමන්කරන අතර අද (26) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ඉතා තද වැසි අපේක්ෂා කෙරේ. පද්ධතිය එසේ තවදුරටත් ගමන් කළහොත් පවතින වැසි තත්වය අඩුවන නමුත් පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමේදී තවදුරටත් වර්ධනය වන බැවින් සුළං තත්වය තව දින කීපයක් පවතිනු ඇත.


    අද (26) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව දිවයිනේ බොහෝ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී. ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.


    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින්විට පැ.කි.මී. 60-80ක් පමණ දක්වා තද සුළං ඇතිවිය හැකිය.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට ගාල්ලට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹට මහනුවරට නුවරඑළියට රත්නපුරයට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.0°C මන්නාරමෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 54.3ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 55.8ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 125.8ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 67.5ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 79.9ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 111.9ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 54.9ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද  මි.මී. 91.2ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 26.5ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 26.1ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 4.9ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 73.3ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 40.5ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 264.3ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 40.2ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 8.4ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 133.3ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 115.4ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.2°C අනුරාධපුරය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 184.4ක උපරිම වර්ෂාපතනය බෝවතැන්න ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    SE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya