සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රාත්‍රියේ තද වැසි - පැ.කි.මී. 60-80 දක්වා තද සුළං Featured

    දෙසැම්බර් 25, 2014

    අඩුපීඩන කලාපය දිවයිනට ගිනිකොන දෙසින් තවමත් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය අද (25) රාත්‍රී 7.45ට ඉදිරි පැය 12 සඳහා දිවයින සහ දිවයින අවට ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව අද රාත්‍රී බස්නාහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් මි.මී.150ට වැඩි ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

     

    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින්විට පැ.කි.මී. 60ක් පමණ දක්වා තද සුළං ඇතිවිය හැකිය.

     

    පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.

     

    අද උදෑසන 5.30 සිට රාත්‍රී 8.30 වනවිට ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 35.2ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 60.7ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද‍ මි.මී. 49.9ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 40.5ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 62.9ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 81.1ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 11.5ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද  මි.මී. 13.4ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 13.0ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 17.8ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 29.1ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 104.1ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 32.9ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 3.7ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 37.4ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 71.5ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ.

     

    SE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya