සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආපදා නියමු සම්මානයට නුවරඑළිය දිසාපතිත්

    දෙසැම්බර් 26, 2014

    පළමු වරට මෙරට ජාතික ආපදාවන් හමුවේ මුලික වී ක්‍රියා කරනු ලබන සිවිල් පුරවැසියන් ඇගයීමේ සම්මාන ප්‍රදානය මෙම වසරේ සිට ආරම්භ කෙරෙන අතර මෙවර ජාතික ආපදා නියමු සම්මානය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතාද තේරීපත්වී සිටී.

    2015 ජාතික සුරක්ෂිත දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු ජාතික ආපදා නියමුවන් වෙනුවෙන් දෙනු ලබන සම්මාන ප්‍රදානෝත්සවය අද (26) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

     

    2004 වර්ෂයේ සිට මේ වනතෙක් මෙම ජාතික ආරක්ෂිත දිනය දෙසැම්බර් මස 26 වෙනි දිනට සැමරීම සිදු කෙරේ. ඒ අනුව පළමු වරට මෙරට ජාතික ආපදාවන් හමුවේ මුලික වී ක්‍රියා කරනු ලබන සිවිල් පුරවැසියන් 10 දෙනෙකු ඇගයීමේ සම්මාන ප්‍රදානය මෙම වසරේ සිට ආරම්භ කෙරේ.

     

    උත්සවයට පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වය ද හිමි වේ. මේ උත්සවය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි.

     

    SE/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya