සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර, ගිනිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායකයි

    දෙසැම්බර් 25, 2014

    දිවයිනට නැගෙනහිර, ගිනිකොන සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන අතර එම මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    වායුගෝලයේ පැවති කැළඹිලි සහගත තත්වය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් ස්ථාන ගතව පවතී. එය දිවයිනේ නැගෙනහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණය වර්ධනය කරමින් ඉදිරි දින කිහිපය තුල දිවයින ආසන්නයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර, ගිනිකොන සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල, නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 60-70ක් පමණ වේ. මෙම සුළං වේගය පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

     

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya