සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයකට වර්ධනය වේ

    දෙසැම්බර් 25, 2014

    වායුගෝලයේ පැවති කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් ස්ථානගත ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය අද (25) උදෑසන 07.00ට නිකුත් කරන ලද තද සුළං සහ තද වැසි පිළිබඳ අයහපත් කාලගුණ නිවේදනයට අනුව අඩු පීඩන තත්වය දිවයිනේ නැගෙනහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණය වර්ධනය කරමින් ඉදිරි දින කිහිපය තුළ දිවයින ආසන්නයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    මේ නිසා දිවයිනේ නැගෙනහිර කොටසේ සහ දිවයිනට නැගෙනහිර, ගිනිකොන සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවේ. ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.

     

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 60-70ක් පමණ වේ. මෙම සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

     

    දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන්, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල, නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී. ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    රත්නපුරයට අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට ගාල්ලට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 05.30ට අවසන් වූ පැය 24 තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 3.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 52.0ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද‍ මි.මී. 37.1ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 43.9ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 38.3ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 9.2ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 20.2ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 132.6ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද  මි.මී. 127.1ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 59.9ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 19.5ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 23.4ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 73.1ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 16.3ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 82.0ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 20.6ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 4.7ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 4.7ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 62.2ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 29.9ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.3°C යාපනය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද මි.මී. 108.5ක උපරිම වර්ෂාපතනය හබරණ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya