සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද වැසි සහ තද සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම

    දෙසැම්බර් 24, 2014

    ඉදිරි පැය 24 දී වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ බලපෑම නිසා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


    හෙට පස්වරු 2.00 දක්වා බලපවත්වන පරිදි නිකුත් කර ඇති අනාවැකියට අනුව සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා වැඩි තද වැසි ද අපේක්ෂා කෙරේ.


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව පැ.කි.මී. 80 දක්වා තද සුළං  ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya