සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සාමාජිකයන් සඳහා වාර්ෂික බෙදා දීම් නොමිලේ නිකුත් කෙරේ

    දෙසැම්බර් 24, 2014
    ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) යුද හමුදා සාමාජිකයන් වෙත වාර්ෂික බෙදාදීම් නොමිලේ නිකුත් කිරීම සංකේතවත් කරමින් යුද හමුදාවේ 300 දෙනෙකු හට උසස් තත්ත්වයේ රෙදිපිළි සහ අනෙකුත් භාණ්ඩ බෙදා දීම සිදු කර ඇත.
       
    යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිතයා  ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා සහභාගී විය.
     
    සියලු ආරක්ෂක සේනා මූලස්ථාන වෙතින් තෝරාගත් මෙම භට පිරිස් වෙත ඉතා උසස් මට්ටමේ නිල ඇඳුම් කට්ටල 02ක්, ටී ෂර්ට් 02ක්, මේස් යුගල 02ක්, තුවායක්, බූට් ජෝඩුවක් සහ අංක 06 නිල ඇඳුමක් ඇතුළත් රෙදිපිළි පාර්සල් බෙදා දුන් අතර මේ එක් පාර්සලයක වටිනාකම රුපියල් 10,122.00කි. 
     
    මීට අමතරව, යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි පෙර වසරවල නිකුත් කරන ලද ශාරීරික අභ්‍යාස සපත්තුවලට වඩා උසස් තත්ත්වයේ සපත්තු  2015 වසරේ මුල් කාලයේදී ම ලබාදීමට සැලසුම් කොට ඇති බවත්, තත්ත්වයෙන් උසස් රෙදිපිළි හා අනෙකුත් නොමිලේ නිකුත් කිරීම් භට පිරිස් වෙත නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර වූ බවත් සඳහන් කළ යුද හමුදාපතිතුමා මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මේ වසරේ රජයෙන් වැඩිපුර වෙන් කල ප්‍රතිපාදන පිටුවහලක් වූ බව ද පැවසීය.
     
    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එන්. උඩවත්ත යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වාර්ෂික නොමිලේ නිකුත් කිරීම් බෙදා දුන්හ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya