සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත්

    දෙසැම්බර් 24, 2014

    ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, උතුරුමැද,නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි ද (මිලී මීටර් 100ට වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

     

    විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹට මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    ගාල්ලට අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.0 °C කොළඹ, ගාල්ල, මන්නාරම හා රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0 °C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහාදිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.5°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9 °C නුවරඑළියෙන් ද මි.මී. 139.5ක උපරිමවර්ෂාපතනය මඩකලපුවේ තඹකෙනිප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya