සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලී මීටර් 100 කට වඩා වැඩි තද වැසි

    දෙසැම්බර් 23, 2014

    ඉදිරි පැය 24 තුළ දිවයිනේ සමහර ප්‍රදේශවලට මිලී මීටර් 100 කට වඩා වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (23) පස්වරු 02.00ට නිකුත් කළ කාලගුණ වාර්තාවෙන් අනතුරු අඟවයි.

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතියි. එමනිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට මෙම තත්වය බලපානු ඇත.


    දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya