සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර නිසා දිවයිනේ 567,666ක් ආපදාවට ලක් වෙති

    දෙසැම්බර් 23, 2014

    දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් පවුල් 155,565ක සාමාජික සාමාජිකාවන් 567,666 දෙනෙකු අද (23) පෙරවරු 9.00 වනවිට ආපදාවලට ලක් ව ඇතැයි ද ඉන් 485,315ක් ම නැගෙනහිර පළාතෙන් ආපදාවට පත් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    උතුරු, මධ්‍යම, වයඹ, නැගෙනහිර, උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වන අතර මඩකළපුව දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් හා අම්පාර දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල මරණයක් ඇතුළු නැගෙනහිර පළාතෙන් මරණ 3ක් වාර්තා වේ. නිවාස 1938ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 8508කට අර්ධ හානි සිදු ව තිබේ. අද පෙරවරු 9.00 වනවිට ආරක්ෂිත ස්ථාන 246ක පවුල් 17019ක 60576 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.

     

    ජලයෙන් යටවීම නිසා නිවාසවලින් ඉවත්කළ ජනතාව ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ.

     

    ගංවතුර ආපදා නිසා උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 1357ක පුද්ගලයන් 4821 දෙනෙක් ද වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 1402ක පුද්ගලයන් 5269 දෙනෙක් ද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 2709ක පුද්ගලයන් 410781 දෙනෙක් ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 679ක පුද්ගලයන් 2044 දෙනෙක් ද යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1103ක පුද්ගලයන් 4656 දෙනෙක් ද සමඟ උතුරු පළාතේ පවුල් 7250ක පුද්ගලයන් 27571 දෙනෙක් අවතැන්ව සිටිති.

     

    ගංවතුර ආපදා නිසා මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 141ක පුද්ගලයන් 528 දෙනෙක් ද නුවර එළිය දිස්ත්‍රික්කයේ පවුල් 50ක පුද්ගලයන් 190 දෙනෙක් ද මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51ක පුද්ගලයන් 157 දෙනෙක් ද සමඟ මධ්‍යම පළාතේ පවුල් 242ක පුද්ගලයන් 875 දෙනෙක් අවතැන්ව සිටිති.
     
    ගංවතුර ආපදා නිසා වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 313ක පුද්ගලයන් 1046 දෙනෙක් ද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4730ක පුද්ගලයන් 17165 දෙනෙක් ද සමඟ වයඹ පළාතේ පවුල් 5043ක පුද්ගලයන් 18211 දෙනෙක් අවතැන්ව සිටිති.

     

    ගංවතුර ආපදා නිසා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 9436ක පුද්ගලයන් 34472 දෙනෙක් ද මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 88925ක පුද්ගලයන් 322416 දෙනෙක් ද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 34413ක පුද්ගලයන් 128427 දෙනෙක් ද සමඟ නැගෙනහිර පළාතේ පවුල් 7250ක පුද්ගලයන් 27571 දෙනෙක් අවතැන්ව සිටිති.
     
    ගංවතුර ආපදා නිසා උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 3969ක පුද්ගලයන් 14551 දෙනෙක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 6224ක පුද්ගලයන් 20884 දෙනෙක් ද සමඟ වයඹ පළාතේ පවුල් 10193ක පුද්ගලයන් 35435 දෙනෙක් අවතැන්ව සිටිති.

     

    ගංවතුර ආපදා නිසා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 63ක පුද්ගලයන් 259 දෙනෙක් අවතැන්ව සිටිති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya