සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් සභාව යාපනය ජනතාව සඳහා ලබා දුන් පොරොන්දු ඉටුකර නැහැ Featured

    දෙසැම්බර් 23, 2014
    අවුරුද්දක් ගත වුවත් උතුරු පළාත් සභාව යාපනය ජනතාව සඳහා ලබා දුන් පොරොන්දු මේ වන විටත් ඉටුකර නැති බව සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාද්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    යුද්ධය නිසා විනාශ වූ යාපනයේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා මෙවර අය-වැයෙන්  අනෙකුත් පළාත් සභාවලට වැඩි මුදලක් උතුරු පළාත් සභාව සඳහා ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා ගියවර වෙන් කරන ලද මුදලින් 50%ක්වත් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කර නැති බව ද සඳහන් කළේය.
     
    උතුරේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදලින් 50%කටත් වැඩි මුදලක් ආපසු මහා භාණ්ඩාගාරයට යන තත්ත්වයක් තියෙන්නේ. රජය කරන සංවර්ධන වැඩ සියල්ල කරන්නේ  ජනතා යහපත උදෙසායි. සියලු ම ජාතීන් අතර සමඟිය, අවබෝධය, සංහිඳියාව තිබිය යුතුයි. ටී.එන්.ඒ එකෙහි දේශපාලන පැවැත්ම ඇත්තේ ගැටුම් ඇති තුරායි. එය ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. ජනතා අවශ්‍යතා හඳුනාගෙන ප්‍රදේශයේ අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන බවත් විශිෂ්ට අන්දමේ සංවර්ධනයක් යාපනයේ හැම අතින්ම සිදු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya