සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු විරුවෝ සිහිකරති

    දෙසැම්බර් 23, 2014
    දේශය වෙනුවෙන් අභීතව සටන් වැද මව්බිම වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභීත රණ විරුවන් සිහිකරමින් පවත්වනු ලබන වාර්ෂික රණ විරු උපහාර උළෙල පසුගිය සෙනසුරාදා අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත් වූ අතර, මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා සහභාගී විය.
     
    මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදු නිලධාරීන් 143 දෙනෙකු සහ සෙසු නිලයන්  3,719 දෙනෙකු සිහිකරමින් පුෂ්පෝපහාර පිළිගැන්වූ අතර, මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා විසින් යුද හමුදාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. 
     
    වාර්ෂික රණ විරු පුෂ්පෝහාර උළෙල සඳහා යුද හමුදාපතිතුමා සමඟින් විශ්‍රාමික සිංහ රෙජිමේන්තු නිලධාරීහු, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සෙසු නිළයන්, දිවි පිදූ රණ විරුවන්ගේ පවුල්වල දෙමාපියෝ සහ දුවා දරුවෝ ඇතුළු බොහෝ පිරිසක් සහභාගොී වූහ.  
     
    යුද හමුදාපතිතුමා ආබාධිත විරුවන් සඳහා ත්‍යාග පාර්සල් ප්‍රදානය කළ අතර ම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ නව  නිලධාරී නිවස්නය ද විවෘත කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya