සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ

    දෙසැම්බර් 23, 2014

    අද (22) ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල්  හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය කෙටි කාලීනව ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya