සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං

    දෙසැම්බර් 23, 2014

    අද (22) ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව  සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

     

    විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    කොළඹට ගාල්ලට රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි ඇති වේ.

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0 °C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.0 °C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.8°C නුවරඑළියෙන් ද මි.මී. 182.5ක උපරිම වර්ෂාපතනය පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya