සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයාගේ මෙවර වැටුප් වැඩිවීම 27%ක් - ලබන වසරේ රාජ්‍ය සේවයට ලක්ෂ එකහමාරක්

    දෙසැම්බර් 22, 2014

    2005දී රාජ්‍ය සේවකයන් සිටියේ ලක්ෂ 06ක් වන අතර 2014 වන විට එය ලක්ෂ 14ක් දක්වා වැඩි වී ඇති බවත් ඒ අනුව රාජ්‍ය සේවකයාගේ මෙවර වැටුප් වැඩිවීම 27%කින් එනම් රුපියල් 25,000 දක්වා වැඩිවන බවත් ජාතික වැටුප් කොමිෂන් සභාවේ සම සභාපති ජයලත් රවි දිසානායක මහතා පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    නව වැටුප් වැඩිවීම් සිදු කරන්න පෙර වෘත්තීය සමිති සාකච්ඡා 100කට ආසන්න ප්‍රමාණයක් තිබ්බා. 2006 වැටුප් වර්ධනයක් සිදු වූ පසු 2014 දක්වා වැටුප් වර්ධනයක් සිදු වුණේ නැහැ. දීමනා ලබාදීමක් පමණක් සිදු වූ අතර මෙවර නව වැටුප් ක්‍රමය අනුව වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. පසුගිය වකවානුවේ රාජ්‍ය සේවය දෙවැනි තැනට දමා තිබුණා. 2006න් පසුව රාජ්‍ය සේවය මහජන සේවයට අවශ්‍ය යැයි සැලකූ නිසා එය නැවත ස්ථාපිත කළ බව ද ඔහු සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයා තෘප්තිමත් කරන්න නම් හරියාකාර වැටුපක් ලබා දිය යුතුයි. 2014 ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ යන ගමනේදී රාජ්‍ය සේවය සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කිරීමේ අරමුණින් රාජ්‍ය සේවය නැවත ශක්තිමත් කළා. අද රාජ්‍ය සේවකයා තෘප්තිමත්  වී ඇතැයි සිතනවා. අද රාජ්‍ය සේවකයා විශ්‍රාම ගිය පසු සැලකිය යුතු විශ්‍රාම වැටුපක් ද හිමි වෙනවා. දැනට වැටුප් කාණ්ඩ 37ක් ඇත. මේ සඳහා වැටුප් සැකසීමට මාස කිහිපයක් ගත වේ. ලබන වසරේ අත්‍යවශ්‍ය සේවා අනුව රාජ්‍ය සේවයට ලක්ෂ එකහමාරක් බඳවා ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ විශ්‍රාම භාර අරමුදලේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති ආර්.එම්.වී.කේ. රණතුංග මහතා පැවසුවේ, දැනට අවුරුදු 02කට පෙර සිටි විශ්‍රාමිකයාට වඩා අද විශ්‍රාමිකයා තෘප්තිමත් බවයි.

    පසුගිය වසර 02 හෝ 03දී රුපියල් 10,000ක බැංකු ණයක්වත් ගත නොහැකි ව සිටි රාජ්‍ය සේවකයාට අද සණස සංවර්ධන බැංකුව ඇතුළු බොහෝ බැංකුවලින් වයස අවුරුදු 70ට අඩු නම් රුපියල් ලක්ෂ 10 දක්වා ණය ලබා ගත හැකියි. වයස අවුරුදු 70ට වැඩි නම් දරුවන් හෝ කලත්‍රයා සමඟ එක්ව ණයක් ගත හැකියි. මේ තාක් විශ්‍රාම වැටුපක් සැකසුනේ 1997ට අනුව වන අතර 2014දි එය වෙනස් වුණා. රජයේ සේවකයා ලබන වැටුපට සමාන විශ්‍රාම වැටුපක් රජයේ විශ්‍රාමිකයාට ද හිමි වන බව ද ඔහු කීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya