සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක හමුදාවන් පිළිබඳ ව පළ වී ඇති අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා

    දෙසැම්බර් 22, 2014
    පසුගිය දිනවල දී යුද, නාවික හා ගුවන් හමුදාවන් පිළිබඳ ව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් කීපයක් පළවී තිබුණු බවත් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අද (22) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසා සිටියේය.
     
    මෙම අසත්‍ය මත අතර, ආරක්ෂක හමුදාවන් ආරක්ෂක කටයුතු පසෙකලා වෙනත් රාජකාරිවල නිරත කරවීම ප්‍රධාන ස්ථානයක් ගෙන ඇති බවත් එසේ වුව ද ආරක්ෂක හමුදාවන්හි ප්‍රධානීයාවන සේනාධිනායකයාගේ සිට කණිෂ්ඨ ම සෙබළා දක්වා සියලු ම දෙනා ඔවුන් කෙරේ පැවරී ඇති සියලු ම වගකීම් නිසියාකාරව ඉටු කරමින් රටේ ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයෙහිලා සිය රාජකාරි කටයුතු කරගෙන යන බවත් පැවසූ රුවන් වනිගසූරිය මහතා මෙකී චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    මෙයට උදාහරණ ලෙස සෑම බදාදා දිනක ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටේ ආරක්ෂාව පිලිබඳ ව පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම මෙන් ම සෑම අගහරුවාදා දිනක ම ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ආරක්ෂක සාකච්ඡාව ගෙන හැර දැක්වූ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කිසිදු හේතුවක් මත රටේ ආරක්ෂාව සඳහා වන මෙකී ප්‍රමුඛත ම කාර්යය පැහැර නොහැර සිදුකරමින් සිටින බවද මෙහිදී පවසා සිටියේය.
     
    එසේම යුද්ධය හමාරවීමෙන් පසු ව ආරක්ෂක හමුදාවන් සඳහා විශාල සංඛ්‍යාවක් බඳවා ගන්නා ලද බවද ඔවුන් පෙදරේරු, පයිප්ප වෑද්දුම්කරු, විදුලි කාර්මික හා ජලනල කාර්මික ආදී හමුදාවේ විවිධ විෂයයන් සඳහා බදවා ගනු ලබන බවත් පුහුණුවෙන් පසු ව ඔවුන් එකී විෂය පථයන්වලට අනුබද්ධ රටේ සංවර්ධන ක්‍රියාවන්හි යොදවන බවත් පැවසූ වනිගසූරිය මහතා කිසිම අවස්ථාවක රට බේරාගැනීම සඳහා දිවිහිමියෙන් සටන් කළ ආරක්ෂක හමුදා සාමාජිකයන් ඔවුන්ගේ අභිමානයට කැලළක් වන ආකාරයේ කටයුතුවල නිරත නොකරන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
     
    යුද හමුදාවක් ස්ථාපනය කිරීමේ මූලික අවශ්‍යතා අතරට රටේ සිවිල් බලධාරීනට සහාය විම යන්න ද සඳහන් කර ඇති බව සඳහන් කළ ඒ මහතා ඒ අනුව රටේ විවිධ ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය නායකයන්ගේ අවශ්‍යතාවයට අනුව ඉහත සඳහන් කරන ලද හමුදා සාමාජිකයන් රටේ සංවර්ධන කටයුතුවල නිරත වී ඇති බවද පැවසූ රුවන් වනිගසූරිය මහතා යුද හමුදා සාමාජිකයන්ගේ වැටුප් අඩුවීමක් සම්බන්ධයෙන් ද අසත්‍ය ප්‍රචාරයක් පැතිරී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තුමේන්තුව විසින් කරන ලද ගණනය කිරීම්වලට අනුව හමුදා සාමාජිකයන්ගේ සලාක අගය කාලයෙන් කාලයට සුළු වෙනස්වීම්වලට භාජනය වන බවත් පවසා සිටියේය. 
     
    ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ සලාක අගය සමහර දිස්ත්‍රික්කයන්හි සුළු වශයෙන් අඩුවන බවත් තවත් සමහර දිස්ත්‍රික්කයන්හි වැඩිවන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙය වැටුපෙහි අඩුවීමක් ලෙස දැක්විය නොහැකි බවද මෙහිදි ප්‍රකාශ කර සිටියේය. මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවිම තුළින් රට තුළ වැරදි ප්‍රචාරයක් ලබාදී යම් පිරිසක් විසින් ඔවුන්ගේ පුද්ගලික අභිමථාර්තයන් ඉටු කර ගැනීමට දරන වෑයම පිළිකුලෙන් යුතුව තරයේ ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    එසේම යුද හමුදා ‍සාමාජිකයන්ගේ වැටුප් ගෙවීම ද එක්තරා සරඹයක් ලෙසින් සිදු කරන බව පෙන්වා දුන් මාධ්‍ය අධ්‍යක්ෂවරයා පෙරසිටම හමුදා සාමාජිකයනට දැනුම්දිය යුතු යම් යම් කරුණු ඔවුන්ගේ මාසික වැටුප් පතත් සමගින් ඔවුනට යවන බවත් මෙය මුල් කාලයේ දී වැටුප් පතෙහි අනෙක් පස මුද්‍රණය කර යැවූව ද මෑතකදී සිට වැටුප් පතට ඇමුණූ වෙන ම පත්‍රිකාවක් ලෙස ඔවුනට යවන බවත් පවසා සිටි අතර ඒවාගේ හමුදාව සම්බන්ධ සුබසාධක කටයුතු, ඔවුන් වෙනුවෙන් ආරම්භ කරන ණය සේවා පහසුකම්, ඔවුන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම්, හමුදාව සම්බන්ධවී සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන්, විශ්‍රාමික රණ විරුවන් සඳහා ගෙවනු ලබන දීමනාවන් ආදී කරුණු පිළිබඳ විස්තර ඔවුනට දැනුම්දෙනු ලබන බවත් පවසා සිටියේය. මෙයද ඇතැම් මාධ්‍යයන් විසින් වැරදි ආකාරයට අර්ථ දක්වන බව පැවසූ වනිගසූරිය මහතා එකි අර්ථකතනයන් ද මෙහිදී සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya