සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ලෝක තරුණ නිපුණතා දිනය" ශ්‍රී ලංකාවේ යෝජනාව සම්මත වේ Featured

    දෙසැම්බර් 22, 2014
    ජූලි මස 15වන දින ලෝක තරුණ නිපුණතා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතික ව සම්මත කොට ඇත.
     
    ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මෙම යෝජනාව රටවල් 134ක සමාජිකත්වයෙන් යුත් ජී-77 කණ්ඩායමේ පූර්ණ සහයෝගය ඇති ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.
     
    මෙම යෝජනාව ගෝලීය මට්ටමෙන් වර්තමානයේ පෙනෙන තරුණ විරැකියාව සහ ඌණ සේවා නියුක්ති ගැටලුවට පිළියමක් ලෙස රැකියා අරමුණු කරගත් නිපුණතාවන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කරයි.
     
    2013 එක්සත් ජාතීන් අමතා කළ දේශනයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රථම වරට ලෝක තරුණ නිපුණතා දිනයක වැදගත්කම සහ එවන් දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළේය.
     
    එක්සත් ජාතීන් විසින් අනුමත කළ මෙම යෝජනාව විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තරුණ තරුණියන් සතු නිපුණතාවන් හඳුනාගැනීම, රැකියා වෙළෙඳපොලෙහි පවත්නා ඉල්ලුමට සරිලන නිපුණතාවන් ප්‍රවර්ධනය මෙන් ම රැකියා අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අරමුණු කර ගත්තකි. මෙය ගෝලීය වශයෙන් පවත්නා විරැකියාව සහ ඌණ සේවා නියුක්ති ගැටලුව අවම කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ සාර්ථක පියවරක් ලෙස ද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදුන් දායකත්වය ලෙස ද සැලකිය හැකිය.
     
    මෙම යෝජනාව සාර්ථක ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමත කරගැනීම සඳහා දායක වු පිරිස් අතර තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මෙන් ම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරී පිරිස් ද, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් අල්හෙන්දාවි මහතා සහ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය විශේෂ සහායක් ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya