2015 ජනාධිපතිවරණයට අදාළ ව නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කෙරේ. ඒ අනුව ලබන 25 සහ 28 දින නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනයන් ලෙස ප්රකාශයට පත් කර ඇති අතර 25 දින නත්තල් සැමරුම් නොපැවැත්වෙන ප්රදේශවල මෙන් ම ඒ සඳහා බාධාවක් නොවන අයුරින් බෙදා හැරීම සිදු කෙරේ. 2015 ජනාධිපතිවරණය ජනවාරි 08දා පැවැත්වේ.