සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට විධිමත් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්

    දෙසැම්බර් 22, 2014
    අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විපතට පත් ව සිටින ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් සහ ක්‍රාමානුකූල වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
     
    පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ත්‍රිකුණාමලය, පුත්තලම, මන්නාරම, මාතලේ, වව්නියාව, අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව විපතට පත්ව සිටින අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින අතරතුර ම ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව ම සොයා බලා ඇත.
     
    එම ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ආපදා කළමණාකරන අමාත්‍යවරයාට, විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාට මෙන් ම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ටත්, ආරක්ෂක අංශවලටත් ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya