සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද ප්‍රකාශ කිරීමේ පිළිවෙළ

    දෙසැම්බර් 22, 2014
    2015 ජනවාරි 08වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරනු ලබන බැවින්, එක් අපේක්ෂකයෙකුට ඡන්දය හෙවත් පළමු වන මනාපයත්, වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව තිබෙන අතර අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට ද හැකියාව තිබේ.
     
    ඡන්ද පත්‍රිකාවක, ඡන්ද දායකයෙකු විසින් සිය දෙවැනි හෝ තුන්වැනි මනාපය ලකුණු කර නොමැති වුව ද, නිසියාකාරයෙන් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ. එසේ වුවත් ඡන්දයක් සලකුණු කර නොමැති දෙවැනි සහ තුන්වෙනි මනාපය පමණක් සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක්, ඡන්දය ලකුණු නොකිරීමේ හේතුව මත ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ.
     
    ඡන්ද පත්‍රිකාව ලකුණු කළ යුතු පිළිවෙළ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 3 වන උප ලේඛනයට අනුව "1" ඉලක්කම සලකුණු කිරීමෙන් අපේක්ෂකයෙකුට තම ඡන්දය හෙවත් පළමුවන මනාපය දිය හැකි අතර, 2 ඉලක්කම සලකුණු කිරීමෙන් අපේක්ෂකයෙකුට තම දෙවන මනාපයත්, "3" ඉලක්කම සලකුණු කිරීමෙන් තුන්වැනි මනාපයත් ලබා දිය හැකිය.
     
    ඡන්ද දායකයෙකු විසින් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීමට බලාපොරොත්තු වනුයේ ඡන්දයක් පමණක් නම්, එබදු ඡන්ද පත්‍රිකාවක යොදනු ලබන සලකුණෙන්, ඡන්ද දායකයාගේ අභිලාෂය ප්‍රකාශ වන්නේ නම්, එය ඡන්ද දායකයාගේ අනන්‍යතාව ප්‍රකාශ නොවනතාක් දුරට, වලංගු ඡන්ද පත්‍රිකාවක් වනු ඇත. ඡන්ද දායකයා විසින් ඡන්ද පත්‍රිකාවේ එසේ සටහන් කරනු ලැබූ ලකුණ "2" හෝ "3" යන ඉලක්කම් නොවේ නම් එවැනි සලකුණක් සහිත ඡන්ද පත්‍රිකා වුව ද වලංගු ලෙස පිළිගත හැකිය.
     
    ඡන්ද දායකයෙකු විසින් එක් අපේක්ෂකයෙකුට පමණක් ස්වකීය ඡන්දය දීමට බලාපොරොත්තු වන්නේ නම්,දෙවන හෝ තුන්වැනි මනාප ලකුණු කිරීමකින් තොර ව ඡන්දය පමණක් දිය හැකිය. ඒ සඳහා තමා කැමැති අපේක්ෂකයාගේ නම සහ ඡන්ද සලකුණට දකුණෙන් වූ කොටුවේ අංක "1" හෝ "x" සලකුණු යෙදීය හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya