සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු රියල් ස්ටාර් ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනයක්

    දෙසැම්බර් 22, 2014
    ඊයේ (21) සන්ධ්‍යා වරුවේ දී රණ විරු රියල් ස්ටාර් ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඉන්ඩ්පෙන්ඩන්ට් ආකේඩ් හි එළිමහන් පරිශ්‍රයේ දී සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය.
     
    මෙහි ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අයෝමා රාජපක්ෂ මහත්මිය සහභාගී වූහ.
     
    මේ වන විට රණ විරු රියල් ස්ටාර් වැඩසටහන් අදියර 4ක් අවසන් කර ඇති අතර රණ විරු රියල් ස්ටාර් අදියර 5 ලඟදීම ආරම්භ කිරීමට නියමිතය. මෙම සංගීත සංදර්ශනයේ දී මීට පෙර පැවති රණ විරු රියල් ස්ටාර් වැඩසටහන්වල දී ජයග්‍රහණය කළ රණ විරු ගායක ගායිකාවන් විසින් මෙම ප්‍රසංගය නැරඹූ විශාල පිරිසක් අමන්දානන්දයට පත්කරමින් ජනප්‍රිය ගීත රැසක් ම ගායනා කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය, ත්‍රිවිධ හමුදාපතිවරු, රණ විරු රියල් ස්ටාර් විනිශ්චය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    එසේම මෙම අවස්ථාවේ දී ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් පරිශ්‍රයට පැමිණි සිටි සාමාන්‍ය ජනතාවට ද මෙම ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාවිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya