සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ලන්ද - මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූවන්ට නව නිවාස

    දෙසැම්බර් 19, 2014
    අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වූ කොස්ලන්ද මීරියබැද්ද ගම්මානයේ අවතැන්වූවන් සඳහා නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ (18) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහයෝගය ඇති ව මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. 
     
    මෙම ව්‍යාපෘතිය යටතේ අවතැන්වූ පවුල් සඳහා වර්ග අඩි 526කින් යුතු නව නිවාස 75ක් ඉදිකරනු ලබන අතර එක් නිවාසයක් සඳහා රුපියල් මිලියන 1 . 2ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 130ක් වැය කරනු ඇත.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහි තිබූ ඵලකයක් නිරාවරණය කිරීමෙන් අනතුරුව මුල්ගල තබා ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
     
    වැඩකටයුතු ආරම්භ කිරිමෙන් අනතුරු ව රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්ෂක ලේකම්වරයා ප්‍රථමයෙන් ම මෙම ඛේදවාචකය නිසා අනතුරට පත් හා අවතැන්වූ සියලු දෙනා වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය. 
     
    එසේම මෙම ඛේදවාචකය ආරංචි වූ සැනින් ම මෙම ගම්වාසීන්ට අවශ්‍ය සෑම සියලු සහයෝගයක් ම ලබාදීම සදහා යුද හමුදාවට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී මෙම ප්‍රදේශයට පැමිණි ආරක්ෂක හමුදාවන් විසින් එම අවස්ථාවේදි පැවති අයහපත් කාලගුණ තත්වයන් ද නොතකා ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව අනතුරට පත්ව සිටි පිරිස් බේරා ගැනිම සඳහා ක්‍රියා කළ බවද පවසා සිටියේය.
     
    එසේම මෙම ආපදාව පිළිබඳ ව ආරංචිය සැලවූ සැනෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රදේශයට පැමිණ ආපදාවට පත්වූ පිරිස සමග කතා කර ඔවුනට අවශ්‍ය සියලු ම පහසුකම් ලබාදිමට ක්‍රියාකරන ලද බව මෙනෙහි කළ ආරක්ෂක ලේකම්තුමා ආරම්භ කරන ලද මෙම විපතට පත්වූවන් සඳහා ඉදිකරනු ලබන නව නිවාසයන් ඉතා කඩිනම්න් සාදා දීමට කටයුතු කරනු ලබන බවද මෙහිදි ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම ඛේදවාචකය හේතුවෙන් අවතැන්වුවන් සඳහා නව නිවාස සාදා දිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගීවීමට පැමිණීමට හැකිවීම පිළිබඳ ව තමා ඉතා සතුටට පත්වන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි ව්‍යාපෘතීන් මගින් මෙම ප්‍රදේශය ද ඉදිරියේ දී දියුණුවනු ඇති බවට සිය විශ්වාසය පළ කර සිටි අතර මෙහි වැඩකටයුතු කඩිනමින් සාර්ථක කර ගැනීම සඳහා හැකි සෑම සියලු සහයෝගයක් ම ලබාදෙන බවද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya