සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොතුවිල් සිට මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    දෙසැම්බර් 19, 2014

    අද (19) පොතුවිල් සිට ත්‍රීකුණාමලය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම සහ මීගමුව හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ විටෙක තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya