සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Featured

    දෙසැම්බර් 19, 2014

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

    අද (19) උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව  දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වේ.

     

    විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100ක පමණ) අපේක්ෂා කෙරේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 24.8ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 66.6ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 5.6ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද  මි.මී. 22.2ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 16.2ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 6.8ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 50.3ක වර්ෂාපතනයක් පොතුවිල් ද මි.මී. 35.1ක වර්ෂාපතනයක් මොනරාගලින් ද‍ මි.මී. 29.8ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.5°C රත්මලාන ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3°C නුවරඑළියෙන් ද මි.මී. 102.6ක උපරිම වර්ෂාපතනය මඩකළපුව රූගම් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya