සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලීය කැළඹිලි තත්ත්වය නිසා වැසි Featured

    දෙසැම්බර් 18, 2014

    දැනට පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

     

    අද (18) උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 37.2ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද  මි.මී. 22.2ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 21.6ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 17.1ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 21.4ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 70.5ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 18.9ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 14.9ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 9.5ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 5.6ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද‍ මි.මී. 9.3ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8°C නුවරඑළියෙන් ද මි.මී. 90.4ක උපරිම වර්ෂාපතනය අනුරාධපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya