සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50-60 දක්වා ඉහළට

    දෙසැම්බර් 18, 2014

    අද (18) මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද රළු විය හැකි  අතර අනෙක්  මුහුදු ප්‍රදේශ ද විටෙක තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya