සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හෙළ උරුමය ආ ගමන් මග වෙනස් වුණා

    දෙසැම්බර් 17, 2014

    ජාතික හෙළ උරුමය ආ ගමන් මග වෙනස් වූ බවත් රතන හිමියන් ජාතික හෙළ උරුමයේ අදහස් ගන්න පෙර ජනාධිපතිතුමා පරදවන බවට මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව වර්තමාන රජයට හානි කරන්න තීරණ ගත් බවත් ජාතික හෙළ උරුමයේ ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියෝ පැවසූහ.


    උන්වහන්සේ මේ බව පැවසුවේ අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් දේශපාලනය සඳහා යොමු වූ අතර ඒ සංවර්ධනය වෙනුවෙන් තමන් කැප වුණු බවද වර්තමාන රජය ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව ද ඥානප්‍රභ හිමියෝ පැවසූහ.

    වර්තමාන රජය යන මාවත වෙනුවෙන් පෙනී සිටිනවා. වේගවත් සංවර්ධනය අවහිර නොකර රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කටයුතු කරනවා. ජාතික හෙළ උරුමය ආ ගමන් මග වෙනස් වුණා. රතන හිමියන් ජාතික හෙළ උරුමයේ අදහස් ගන්න පෙර ජනාධිපතිතුමා පරදන බවට මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව වර්තමාන රජයට හානි කරන්න තීරණ ගත්තා. භීෂණ යුගයෙන් රට ගලවා ගෙන නිසි දිසාවකට ගමන් කරන පක්ෂයක් ලෙස කටයුතු කළේ නැහැ. රතන හාමුදුරුවන්ට සිල්ලර ව්‍යාපාරයක් ඇති බවත් ඒ වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින්ද කටයුතු කරන බව ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya