සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (සා/පෙළ) විභාගය අදින් අවසන්

    දෙසැම්බර් 18, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (18) අවසන් වේ.


    පසුගිය 09දා ආරම්භ කළ මේ විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 370,030 දෙනෙකු හා පෞද්ගලික අපේක්ෂකයන් 208,105 දෙනෙකු වශයෙන් අපේක්ෂකයන් 578,135 දෙනෙකු විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා සිටියහ.

    නයිනතිව් (නාගදීපය), අනලයිතිව්, ඩෙල්ෆ්ට් දූපත් ඇතුළු මධ්‍යස්ථාන 4,279 දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ අතර විභාග කාර්යමණ්ඩලය ලෙස 38,200ක් සේවයේ යෙදවූහ.

    විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් සඳහා රත්මලාන අන්ධ විදුහල, මාතර රෝහණ අඳ බිහිරි විද්‍යාලය හා හලාවත මහවැව ශිවරාජ අන්ධ විද්‍යාලය යන විභාග මධ්‍යස්ථානවලදී විභාගය පැවැත්විණි. මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 540 දෙනෙක් පෙනී සිටියහ.

    බන්ධනාගාර රැඳවියන් සඳහා නව මැගසින් බන්ධනාගාරය, බොරැල්ල හා පාදුක්ක වටරැක සුනීත විදුහල යන මධ්‍යස්ථාන 2ක මෙවර විභාගය පැවැත්වීම සුවිශේෂ වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya