සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හෙළ උරුමයේ මුල් ප්‍රතිපත්ති ඇති ව කටයුතු කරන නව දේශපාලන පක්ෂයක්

    දෙසැම්බර් 17, 2014

    බෞද්ධ ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන ජාතික හෙළ උරුමයේ මුල් ප්‍රතිපත්ති ඇතිව කටයුතු කරන නව දේශපාලන පක්ෂයක් බිහිකරන්න ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ අද (17) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ජාතික හෙළ උරුමය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දැක්වීමට එක්වී ඇති බව පැවසූ ඒ මහතා මේ පිරිස චන්ද්‍රිකා හා වික්‍රමබාහුලා සමඟ රට බෙදන්න බැහැ කියන මතයේ සිටින බවත් සඳහන් කළේය.


    මා ජාතික හෙළ උරුමයෙන් පසුගියදා ඉවත් වන විට ප්‍රධාන ලේකම්වරයාට හැර වෙන කෙනෙකුට කිව්වේ නැහැ. අන් අයට බලපෑම් කර ඒ අයත් මා සමඟ අරන් එන්න හැදුවා කියන වචනය අහන්න බැරි නිසා එසේ කළා. මා පක්ෂයෙන් ඉවත් වූ පසු ප්‍රතිපත්තිමය කාරණා පැහැදිලි කළා මිස මඩ ගැහුවේ නැහැ. අනෙක් අයට එන්න කියලා ආරාධනා කළේ නැහැ. නමුත් ඔවුන් එය  මගේ දුර්වලකමක් ලෙස දැක්ක බවත් මා සොයා විත් බොහෝ පිරිස් මාගේ තීන්දුවට සහය පළ කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අද කටකතා හා සමාජ වෙබ් අඩවි හරහා මඩ ප්‍රචාර කරගෙන යනවා. හෙළ උරුමය ලංකාවේ ප්‍රථම බෞද්ධ පක්ෂය වෙනවා. බෞද්ධ පක්ෂයක් යනු මෛත්‍රී ගැන කතා කරන පක්ෂයක් නෙවෙයි. මෛත්‍රිය ගැන කතා කරන පක්ෂයකටයි. භීතිය හා සංත්‍රාසය වෙනුවට ගෞරවය හා භක්තිය එහිදී ඇති විය යුතුයි. බෞද්ධයා වෙනුවෙන් පක්ෂයක් හැදිය යුතුයි. ඒ නිසා නව පක්ෂයක් හදනවා යැයි ද පැවසූ ගම්මන්පිල මහතා එහිදී බහුතර කැමැත්ත අනුව නායකයා තෝරා ගන්නා බව ද පැවසුවේ මාධ්‍යවේදියෙකු එම පක්ෂයේ නායකයා කවුද යන්න පිළිබඳ විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya