සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන සිද්ධිය බලා වැළපෙන ලාංකිකයන්ට අමතකයි අපිත් හිටියේ එතැන කියලා Featured

    දෙසැම්බර් 17, 2014
    දේශපාලන ස්ථාවරත්වයක් නොමැති විට රට අරාජික වන බවත් ඊයේ පාකිස්ථානයේ සිදු වු ඝාතන සිද්ධිය දෙස බලා වැළපෙන ලාංකික ජනතාවට අප ද සිටියේ එවැනි තත්ත්වයක බව අමතක ව ඇති බවත් එම තත්ත්වය නැති කිරීමට කටයුතු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඌව පළාත් සභා විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාව පෙරළීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළා. නමුත් සම්ප්‍රදායක් ලෙස ඌව පළාතේ හිටපු පළාත් සභා අමාත්‍යවරයෙක් ලෙස මා දන්නා තරමින් අයවැය සම්මත වීමෙන් අනතුරුව නැවත පළාත් සභාව රැස්වන්නේ එළැඹෙන වසරේ ජනවාරි මාසයේ දී. එතුමාට පළාත් සභාව පෙරළීමට නො ව විපක්ෂයේ මන්ත්‍රීවරු ටිකවත් රඳවා ගැනීමට නොහැකි තත්ත්වය උදා වෙලා මේ වන විට. 
     
    මානව සංවර්ධන දර්ශකයන් අනුව ශ්‍රී ලංකාව රටවල් 187කින් 73වන ස්ථානයේ පසුවන බවත් එහි ලංකාව සිටින්නේ ඉහළ මානව සංවර්ධන දර්ශක කාණ්ඩයේ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන්දියාවද සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහළින් බවත් ලංකාව පවතින කාණ්ඩයේ කලාපයේ රටවලින් ඉහළින් සිටින්නේ චීනය පමණක් බවත් පෙන්වා දුන්නේය.
     
    "පොදු විපක්ෂය සිදු කරගෙන යන වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ සියලු දේශපාලන පක්ෂ දියාරු තත්ත්වයට පත්වීමයි. බටහිරට අවශ්‍ය මෙම ක්‍රියාව සිදුකිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන කටයුතු කරනු ලබන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසිනි".
     
    මේ සියලු දෙනා කටයුතු කරන්නේ රට අතීතයේ පැවැති තැනට ගෙන යාමට බවත් ඒ සඳහා නැවතීමේ තිත තැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය. 
     
    "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ අවශ්‍ය සංශෝධනයන් සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසින්මයි. මහින්ද රාජපක්ෂයන් තමයි ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා වන්නේ". 
     
    මේ වන විට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් අනාථයෙක් වී ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya