සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරද මඩුළු සමුළුව ජාත්‍යන්තර අභියෝග ජයගැනීමේ වෑයමක් Featured

    දෙසැම්බර් 17, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුරෝපය කළ සංචාරයේ දී ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව විසින් කොයි තරම් අභියෝග එල්ල කළේද යන්න තමන් දුටු බවත් ඒ සියලු ජාත්‍යන්තර අභියෝග ජයගැනීමේ අරමුණින් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කළ බවත් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    "ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එල්ටීටීඊයේ මුදල් එකතුකිරීම් වළක්වා අවිආයුධ ගෙන්වීම නතර කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඩයස්පෝරාව පරාජය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළට අත ගැසුවා. මේ සියලු කටයුතු ඉදිරියට කරගෙන යාමට නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි".
     
    "සංවර්ධනය කටයුතු හරහා අති විශාල මුදල් ප්‍රමාණයක් වංචා කළ බවට පොදු විපක්ෂය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට චෝදනා එල්ල කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සංසන්දනය කළ නොහැකියි. පවතින පාරිසරික තත්ත්වයන් අනුව ඉදිකිරීම් කටයුතු කරන ආකාරය මෙන් ම ඒවා සඳහා යොදවන මුදල් ප්‍රමාණයේ දී යම් යම් වෙනස්කම් සිදු කළ යුතු වෙනවා". 
     
    අභූත චෝදනා එල්ල කරමින් අධිරාජ්‍යවාදීන් සමඟ එකතු ව ජාතීන් ලබාගෙන තිබෙන සාමය දෙකඩ කොට ලිබියාවට, ඉරානයට සිදු වූ දේ මෙරටට ද සිදු කිරීමට කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya