සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    දෙසැම්බර් 17, 2014

    University of Greenwich Examination - December 2014 විභාගය දෙසැම්බර් 19 දිනත් කොළඹ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ විභාගය පසුගිය 02 දින ද කොළඹ දී පැවැත්විණි.

    II වන පන්තියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවැත්වෙන සීමිත තරග විභාගය - 2014 හා II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) 2014 (II) යන විභාග දෙකම ලබන 21 වන දින කොළඹ දී පමණක් පැවැත්වීමට නියමිතය.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012 (2014) ලබන 22 දින කොළඹ දී පමණක් පැවැත්වේ.

    මූලික පිරිවෙන් අවසාන විභාගය - 2014 ද ලබන 22, 23, 24, 26, 27, 28,29 හා 30 දිනයන්හි දී දිවයින් පුරා මධ්‍යස්ථානවල පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 3,146 දෙනෙකු පෙනී සිටින බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya